Local News

කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්

කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවය.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.”

Related Articles

Back to top button