
ආනයනික කිරිපිට මිල ඉහළ යෑමත් සමග කිරි තේ එකක මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.
ඒ අනුව, අප්‍රේල් මස පළවෙනිදා සිට කිරිතේ එකක මිල රුපියල් 10කින් ඉහල දැමීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.
මේ අතර, ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7 කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා සඳහන් කළා.
එමනිසා ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වෙනවා.



