Local News

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමක්

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත.

කෝසල නුවන් ඊයේ ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට 38 වැනි වියේ පසුවිය.

Related Articles

Back to top button