
ජංගම දුරකථනයක් හා පරිගණකයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබෙනවා.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටද නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී, එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000කට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.



