Local News

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම්

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම්

“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ.

අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු සඳහා ද උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේය.

Related Articles

Back to top button