Local News

පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ මිහින්තලය හා අටමස්ථානය මූලික කොටගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර ඒ සදහා පොලිස් නිලධාරීන් 8,000ක් යොදවන බවයි.

එමෙන්ම ඔවුන් ලබන 08වනදා සිට රජකාරිවල යෙදවීමට නියමිතව ඇත.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමට නිලධාරීන් සහ ආරක්ෂක කටයුතු සදහා එම පොලිස් නිලධාරීන් යෙදවීමටද නියමිතය.

Related Articles

Back to top button