
පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද ගොස් තිබේ.
පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන්ය.
මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.



