Local News

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

Related Articles

Back to top button