Sports

පැතුම් නිස්සංක සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කරයි

පැතුම් නිස්සංක සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කරයි

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.

ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

හයේ පහරක් හා හතරේ පහර 13ක් එල්ලකර ඇති පැතුම්, මේ වනවිට පැතුම් පන්දු 138කට මුහුණදෙමින් ලකුණු  101ක් ලබා සිටියි.

පැතුම් සමගින් කඩුලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.

Related Articles

Back to top button