World

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය යයි

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය යයි

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු සහ ලේ විසිරී ඇති බිත්ති දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

Back to top button