Local News

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස්මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

Related Articles

Back to top button