
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත්කෙරුණු නිශාන්ත ජයවීර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහායි මෙලෙස නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබුණේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අතර ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහායි.



