World

යුද්ධය අවසන් කරන්න නෙතන්යාහු සුදානමින්

යුද්ධය අවසන් කරන්න නෙතන්යාහු සුදානමින්

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීමට සහ වසර දෙකකට ආසන්න කාලයක් පවතින යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡාවලට ඉක්මනින් එළැඹීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊයේ (21) ඊශ්‍රායල -ගාසා දේශසීමාව ආසන්නයේදී ගාසා තීරය තුළ සේවය කරන ඊශ්‍රායල සෙබළුන් මුණගැසී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ගාසා නගරය අත්පත් කරගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉදිරිපත් කළ සැලසුම් අනුමත කිරීමට ද කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.

Related Articles

Back to top button