Sports

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් යළි කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් යළි කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් යළි කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් නම්කර ඇති බව සඳහන් වේ.

හිටපු කඩුලු රකින පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් වසර හතරකට ආසන්න කාලයකට පසු ජාතික කණ්ඩායමට යළි කැඳවීම මෙහි විශේෂත්වයකි.

මෙම තරගාවලිය අගෝස්තු 29 සහ 31 යන දිනවල හරාරේ ක්‍රීඩා සමාජයේදී පැවැත්වීමට නියමිත අතර එය 2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ටේලර්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය බව සඳහන් වේ.

ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය පළපුරුදු ක්‍රීඩකයින් සහ නැගී එන දක්ෂතා ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විතය.

Related Articles

Back to top button