
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.



