Local News

ආපදාවට ලක් වූ නිවසක් පිරිසිදු කිරීමට රුපියල් 25000ක්

ආපදාවට ලක් වූ නිවසක් පිරිසිදු කිරීමට රුපියල් 25000ක්

ආපදාවෙන් විපතටපත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන මූල්‍යමය ආධාර වැඩිකිරීමට රජය පියවර ගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා.

ඒ අනුව විපතට පත්වී සිටින ජනතාවට කඩිනමින් ඔවුන්ගේ නිවාස වෙත ගොස් ඒවා පිරිසිදු කොට යළි පදිංචිවීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

ඊට පෙර ඒ සඳහා එක පවුලකට වෙන්කර තිබුණේ රුපියල් 10,000ක් බවද හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා.

විපතට පත් ජනතාව කඩිනමින් යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව මේ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම මුදල් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ග ගත් බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරයි.

Related Articles

Back to top button