ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (24) පැවැති විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මේ වන විට පොදු ජන පෙරමුණේ බෙදීමක් ඇති බව පෙනෙන්නට ඇති අතර එම පක්ෂයේ පිරිසක් මේ වන විට සමගි ජනබලවේගය සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ඔහු පවසා සිටියා.
සජිත් ප්‍රේමදාස රටේ සියළු ජනකොටස්වල විශ්වාස දිනාගෙන ඇති බවත් ජනාධිපතිවරණය ඉහළින්ම සජිත් ප්‍රේමදාස දිනන බව කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසා සිටියා.