Local News

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස්, බිත්තර හා අන්නාසි චීනයට අපනයනය කිරීමට රජය පනවා තිබූ බාධක ඉවත් කරයි.

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස්, බිත්තර හා අන්නාසි චීනයට අපනයනය කිරීමට රජය පනවා තිබූ බාධක ඉවත් කරයි.

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස්, බිත්තර හා අන්නාසි චීනයට අපනයනය කිරීම වළක්වමින් දීර්ඝ කාලයක් තිස්සේ එරට රජය පනවා තිබූ බාධක ඉවත් කොට ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය වැන්ග් ලින්ග්ජුන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා මෙරට සිදු කළ සංචාරයක් අතරතුරදී සිදු කළ සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

මෙරට අන්නාසි වගා කරන ආකාරය මෙන් ම කුකුළු ගොවිපළ ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය චීන වෙළෙඳපොළ තුළ තහවුරු කිරීම සඳහා ක්‍රමවේද ගණනාවක් සම්පූර්ණ කිරීමට සිදු වූ බව ද ඔහු පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් ඒ සඳහා විශාල කැපවීම සිදු කළ බව ද මහින්ද අමරවීර අවධාරණය කළේ ය.

චීනයේ වෙළෙඳපොළ අවස්ථා සඳහා අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන් ම අන්නාසි ද අපනයනය කිරීමට අන්නාසි වගාකරුවන්ට හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබෙන බව ද හෙතෙම කීය.

Related Articles

Back to top button