Local News

ලෝක අලි දිනය අදයි.

ලෝක අලි දිනය අදයි.

වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද (12) සැමරෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී වන අලි සම්බන්ධව නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලි සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් 2012 වසරේදි ලෝක අලි දිනය නම් කෙරුණා.

2011 වසරේ සිදුකරන ලද අවසන් සංගණනයට අනුව මෙරට අලි ගහනය 6,000කට ආසන්න සංඛ්‍යාවක් වන අතර එම සතුන්ගෙන් සියයට 55.9ක් වැඩිහිටි අලින් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, 25.3% ක් තරුණ වැඩිහිටි අලි ලෙස ද 12.4% ක් පැටවුන් ලෙස ද ගණන් බලා තිබෙනවා.

අදට යෙදී ඇති ලෝක වන අලි දිනය සමරමින් සීගිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව හුස්ම සංවිධානයේ සභාපති කැලු‍ම් මහේෂ් කියා සිටියා.

Related Articles

Back to top button