ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 158 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම අවතැන්වූවන් බේරා ගැනීමට 1200ක පමණ පිරිසක් යොදවා ඇති බව ද සඳහන්.
Valencia ප්‍රාන්තයේ අවම වශයෙන් මරණ 155ක් වාර්තා වී ඇති අතර, Castilla-La Mancha ප්‍රදේශයේ තවත් මරණ දෙකක් ද, Andalusia ප්‍රදේශයේහි සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මෙසේ මියගොස් ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම Valencia ප්‍රාන්තයේ මියගිය 155 දෙනා අතරින් 40 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ, එම ප්‍රාන්තයේ නගරයක පිහිටි ගංගාවක ඉවුරු කැඩී යාමෙන් බවටයි සඳහන් වෙන්නේ.
ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ, Valencia අසල Chiva නගරයට පැය අටක් තුළ වසරක වර්ෂාපතනයට සමාන වර්ෂාපතනයක් ලැබුණු බවයි.
එමෙන්ම එරට දකුණට සහ නැගෙනහිරට තවදුරටත් වැසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති හෙයින්, හදිසි අවස්ථාව තවමත් අවසන් වී නොමැති බවට VI වන ෆෙලිපේ රජු අනතුරු ඇඟවා තිබෙනවා.
මේ අතර, ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සිය ගණනක් පිරිස තාවකාලික නවාතැන්වල නවාතැන් ගනිමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ඊයේ සිට දින තුනක ජාතික ශෝක කාලයක් එරට ආරම්භ කර ඇති අතර, රජයේ ගොඩනැගිලිවල ද ධජ අඩකුඹු කර තිබෙනවා.
තවද, සංවර්ධිත යුරෝපීය රටක්වන ස්පාඤ්ඤයේ ජනතාවට නියමිත වේලාවට ගංවතුර අවදානම ගැන අනතුරු ඇඟවීමට අපොහොසත් වීම පිළිබඳව එරට වැසියන් කෝපයට පත්ව තිබෙන අතර, ආපදා කළමනාකරණ සේවාවන් ප්‍රමාද වී අනතුරු ඇඟවීම් නිකුත් කළේ ඇය දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.
එරට ප්‍රාදේශීය වේලාවෙන් අඟහරුවාදා 20:15 වන තෙක් අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ අතර, ඒ වනවිටත් Valenciaහි ස්ථාන කිහිපයක් පැය ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා.