ලෙබනනය සමඟ සටන් විරාමයකට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය රැස් වී තිබෙනවා.
යෝජිත සටන් විරාම ගිවිසුම දින 60 ක කාලයක් සඳහා වන අතර ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්කර ගැනීමද ඊට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම සටන් විරාමය අධීක්ෂණය සඳහා පිහිටුවන කමිටුවේ ප්‍රධානියා ලෙස ඇමරිකානු ජාතිකයෙකු පත්කිරීම, ලෙබනනය විසින් සිදුකරනු ලබන ආයුධ මිලදී ගැනීම සහ නිෂ්පාදනය අධීක්ෂණය කිරීම යන කරුණුද ඊට ඇතුළත්.