Local News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ පිවිසුම් අතර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අද(05) අලුයම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, බේරුවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි  පුද්ගලයෙකි.

අනතුරෙන් ජීප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Related Articles

Back to top button