
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පසුගිය දිනක සිදුව තිබෙනවා.
එම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීයි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණියගේ විවාහ මංගල උත්සවය අවස්ථාවේදී මෙම හමුව සිදුව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක් මෙම විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ සිටියා.
මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතාබහක්ද එහිදී සිදුව ඇති බව වාර්තා වෙනවා.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දියණිය වන උදාරා රණතුංග සමග අතිනත ගත්තේ මියුරු වික්‍රමරත්නයි.
උදාරා රණතුංග ඕස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර, ඕමානයේ ඛනිජතෙල් ඉංජිනේරුවරයෙකු වශයෙන් මියුරු වික්‍රමරත්න කටයුතු කරනවා.



