Local News

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතුයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතුයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස අප ප්‍රවිශ්ට විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, අවිධිමත් ආර්ථිකය විදිමත් ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීම සිය අරමුණ බවද මෙහිදී සඳහන් කළේය.

කේෂ්ත්‍රයන් ඩිජිටල් කිරීම තුළින් ඩොලර් බිලියන 15 ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයක් රජය සතු බවද පැවසු ජනාධිපතිවරයා, ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා හොඳ සංස්කෘතියක් ඇති අප සමාජයට මෙම නව පද්ධතීන් ප්‍රචලිත කරන්නේ කෙසේද යන අභියෝගය රජය සතුව ඇතැයි ද පැවසීය.

“QR කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද ? ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලමක්. QR යටතේ පොහොර දෙන්න යනවා කිව්වා. එතකොට මතයක් හැදුවා පොහොරත් කපන්න තමා යන්නේ කියලා… QR අන්තිමට සීමා කිරීමකට ලඝු වෙලා. ගනුදෙනුවලටත් ආවොත් මේ කරන්න යන්නේ සීමා කිරීමක් ද මේ කරන්න හදන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අධ්‍යාපන වැඩසටහනකුත් අවශ්‍යයි.

අපි විශ්වාස කරනවා මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිදුවන සියලුම ගනුදෙනු ඉතාම වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. බැංකු සහ මූල්‍ය ආයතනවලට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. ගොඩක් මුල්‍ය සමාගම් දැන් අලුත් අවුරුද්දට ප්‍රචාරක දැන්වීම් හදනවා. මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත්කරගෙන අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR කේතයන් හරහා සිදුකරන ගනුදෙනු බවට පත්කරගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වේවි. එතකොට මිනිස්සු වැලඳගන්නවා. අපේ සමාජය අලුත් දේ වැලඳ ගන්න ලෑස්තියි. හැබැයි අලුත් දේ ආකර්ෂණය නැත්නම් පහසු නැත්නම් මිනිස්සු වැලඳගන්නේ නෑ…”

Related Articles

Back to top button