ජනාධිපතිවරයා කිහිපවරක්ම සමගි ජනබලවේගයට ආරාධනා කල නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ අලුත් ගමනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (22) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මැයි රැළියේදී පවා ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍ය හරින් පවා පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයෙන් පිරිස් ආණ්ඩුවට එකතු වෙනවා යැයි පැවසුව ද එවැනි දෙයක් සිදු නොවිය.
සමගි ජන බලවේගය පක්ෂය මේ වන විට බිම් මට්ටමින් ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඇති බවත් ආණ්ඩුවට මුක්කු ගැසීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් කියා සිටියා.