
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (07) නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම පෙත්සම සමථයකට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා, මීළඟ දින අධිකරණයට දැනුම් දෙන බව දෙපාර්ශවයේ නීතිඥවරු විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
සුදත්ත තිලකසිරි සිය YouTube නාලිකාව ඔස්සේ පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත්, ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



