දකුණු ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් දෙකකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ගෝෆා කලාපයේ දුෂ්කර ප්‍රදේශයක අධික වර්ෂාවත් සමඟ පළමු නායයාම පසුගිය සඳුදා සිදු වූ අතර දෙවන නායයාමෙන් උදව් කිරීමට රැස්ව සිටි බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි එම මාධ්‍ය පවසන්නේ.
මෙම ව්‍යවසනයෙන් අවම වශයෙන් පිරිමින් 148ක් සහ කාන්තාවන් 81ක් මිය ගිය බව ප්‍රාදේශීය සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.
දකුණු ප්‍රාදේශීය රාජ්‍ය නියෝජිත Alemayehu Bawdi, මරණ සංඛ්‍යාව තහවුරු කළ අතර “සෙවීම් සහ ගලවා ගැනීමේ ප්රයත්නයන් සිදු වෙමින් පවතී” යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
පස් දෙනෙකු මඩෙන් පණපිටින් ඇදගෙන ගොස් වෛද්‍ය පහසුකම්වල ප්‍රතිකාර ලබමින් සිටි බව රජයට අයත් ඉතියෝපියානු විකාශන සංස්ථාව මීට පෙර වාර්තා කළා.
එය ප්‍රාදේශීය පරිපාලක Dagemawi Ayele උපුටා දක්වමින් කියා සිටියේ, මියගිය අයගෙන් වැඩි දෙනෙක් මුලින්ම නායයාමකට ලක් වූ වැසියන්ට උපකාර කිරීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ බවයි.
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කෙමාල් හෂි මොහොමූඩ් අඩිස් අබාබා පැවසුවේ පළමු නායයාමෙන් “මිනිත්තු කිහිපයකට” පසු දෙවන නායයෑම සිදු වූ බවයි. “මිනිසුන් නවාතැන් සූදානම් කර ඔවුන්ට ආහාර ලබා දෙනවා,” ඔහු පවසා සිටියා.