Local News

දේශබන්දුගේ අතුරු තහනම් නියෝගය මැතිවරණයට බාධාවක් නෑ – පැෆ්රල් රෝහණ

දේශබන්දුගේ අතුරු තහනම් නියෝගය මැතිවරණයට බාධාවක් නෑ - පැෆ්රල් රෝහණ

දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය තුළින් මැතිවරණයට කිසිසේත්ම බාධාවක් නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
හිරු නිව්ස් කල විමසීමකදී ඔහු පවසා සිටියේ අදාල අධිකරණ තීරණයට අනුව දේශබන්දු තෙන්නකෝන් හට එම ධුරයේ කටයුතු කිරීමට මේ වන විට අවස්ථාව නොලැබෙන නමුත් නව වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරිමට හැකියාව ලැබෙනවා.
ඒ අනුව මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කල හැකි බව රෝහණ හෙට්ටිආරච්චි අප වෙත වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

Back to top button