දිනක්ෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඇය කරන වෙනස් වෙනස් චරිත එක්ක දිනක්ෂිට ගොඩක් වෙලාවට රසික ආදරය වගේම විවේචනත් එල්ල වෙනවා.. කොහොම වුණත් දිනක්ෂි කියන්නේ මේ හැම දෙයක්ම බොහොම ආදරණීයව පිළිගන්න චරිතයක්..
අනිවාර්‍යයෙන්ම තමගේ වෘත්තීය ජීවිතයේ හැදෙන්න ඕන තැනක් තියනවා නම් ඒ දේවල් හදා ගන්න ඇය සූදානම්.. ඒත් හේතුවක් නැතුව සමාජ මාධ්‍ය තුළ ඇයට බනින අයට නම් දිනක්ෂි මුකුත් නොකියාම ඉන්නේ ඒ හැම දෙයක්ම තාවකාලික නිසා වෙන්න ඇති..
කොහොම වුණත් තමන්ට ලැබෙන රසික ආදරය සමාජමාධ්‍ය නිසා දැන් ගොඩක් සමීප වෙලා කියලා තමයි ඇය නම් කියන්නේ..