Local News

පියුමිගේ ක්‍රීම් එක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවට හෙළි වෙයි.

පියුමිගේ ක්‍රීම් එක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවට හෙළි වෙයි.

දැඩි කතාබහකට ලක්ව ඇති ජනප්‍රිය නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

එම සම පැහැපත් කරන ක්‍රීම් ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපොලේ බහුලව භාවිත වෙමින් ඇති බව සඳහන්.

ඩේලි මිරර් පුවත් වාර්තාවක දැක්වෙන්නේ, මෙරට තුළ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති බවයි.

ඒ හේතුවෙන් එය ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධාවක් බව ද එහි සඳහන්.

මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සම පැහැපත් කිරීමේ ක්‍රීම්වලට අදාළ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා.

සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝග රෝගීන්ගේ සැළකිව යුතු වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් එය පිළිකා රෝග පවා අභිබවා යෑමක් බවත් විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කළා

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම තමන් දිරිමත් කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේ, ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කිරීමෙන් වළකින ලෙසයි.

Related Articles

Back to top button