ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ (29) දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් අද (30) උදෑසන තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (30) මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරණයේදී ජනතාව බලාපොරොත්තුවන්නේ ජාතික වැඩපිලිවෙල ඇති නායකයෙකු මිස මනාප හොයන වැඩපිලිවෙලක් නොවන බවයි.
එමෙන්ම පොදුජන පෙරමුණ විසින් මේ වන විට යම් තීරණයක් ගෙන ඇති අතර ඊට එහා ඉදිරි තීරණ ගන්නා බව හෙතෙම කියා සිටියා. එදා සිටම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපි සිටි බවත් ඉදිරියටත් එය ඒ ආකාරයට තිබෙන බව නාමල් රාජපක්ෂ පවසනවා.
පොදුජප පෙරමුණේ පොහොට්ටුවේ මලයි නැට්ටයි දෙකම තියෙන්නේ ජනතාවගේ අතේ බව අප හොඳින් තේරුම් ගත යුතු බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා.