World

දකුණු පිලිපීනට භූ කම්පනයක්.

දකුණු පිලිපීනට භූ කම්පනයක්.

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.

මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

එරට බලධාරීන් පැවසුවේ කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති නමුත් පසු කම්පන ගැන අනතුරු ඇඟවා ඇති බවයි.

Related Articles

Back to top button