අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සඳහා දින නියම වී තිබෙනවා.
මේ අනුව, සැප්තැම්බර් 10 වනදා අදාළ විවාදය පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.
පසුගියදා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පැවසුවේ ජනාධිපතිවරණයට පෙර ඩිමොක්රටික් පක්ෂ ප්රතිවාදියා පිළිබඳ විවාදයකට තමන් සුදානම් බවයි.
ඊට පිළිතුරු දෙමින් ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් පවසා ඇත්තේ ඒ සඳහා තමන්ද සූදානම් බවටයි.