පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ (SJB) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මේ අතර 2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට දින කිහිපයකට ඉහතදී සඳහන් කළා.
ඒ සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය සඳහා පසුගිය 5 වැනිදා ඇප මුදල් තැම්පත් කළ අතර ඒ අනුව ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට තරග කිරීමට නියමිතයි.