
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ශතකයක් රැස් කිරීමට Tamil Union C & AC කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන සමත් වූවා.
ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.
ඊට අමතර ව පන්දු යැවීමේ දී Kurunegala YCC කණ්ඩායමේ රශ්මික මධුසංක, Baduraliya SC කණ්ඩායමේ යුතික ද සිල්වා, Kandy Customs SC කණ්ඩායමේ සහන් කෝසල, Panadura SC කණ්ඩායමේ සවිඳු කාවින්ද සහ කවිඳු වික්‍රමසිංහ සහ Tamil Union C & AC කණ්ඩායමේ තරිඳු හර්ෂණ අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Police SC කණ්ඩායමේ තනුග පලිහවඩන සහ Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික කඩුලු 5ක් බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා
Kurunegala YCC සහ Police SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය
Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (82.1) දිමන්ත මහවාතාන 36, සත්සර ගමගේ 33, අමේෂ් තෙන්නකෝන් 45, රශ්මික මධුශංක 62, දිමන්ත අරූශ 44, වතිල උදාර 23, දේශාන් සෙනෙවිරත්න 43, දමිත් කප්පාගොඩ 2/38, තනුග පලිහවඩන 5/100
Police SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 1 (1.0)
SSC සහ Baduraliya SC අතර SSC ක්‍රීඩාංගණය, කොළඹ.
SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (31.0) විශාල් රුක්ෂාන් 23, රනුද සෝමරත්න 34, කෙනුල් ද සොයිසා 25, ගිහාන් බාලසූරිය නොදැවී 24, රුචිර කෝශිත 2/26, සදීප් ප්‍රනාන්දු 3/46, නිර්මල රත්නායක 4/28
Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 165 (42.0) දිනාල් ඉඳුවර 19, යුතික ද සිල්වා 58, ශේන් විජේසිංහ නොදැවී 31, ශානික්‍ය දේශප්‍රිය 20, සදීශ රාජපක්ෂ 3/58, ජිතාර සන්සික 2/26
Negombo CC සහ Ace Capital CC අතර තරගය ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක.
Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (53.0) තරිඳු අමරසිංහ 44, හිරාන් ජයසුන්දර 39, සකුන ලියනගේ 36, කවීෂ සත්සර 4/62, යොහාන් ඒශාන් 2/56
Negombo CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 84 (37.0) මිහිල් කවීන් 45, සදෙව් සමරසිංහ 22, රවීන් ද සිල්වා 4/18
Colts CC සහ Kandy Customs SC අතර තරගය Colts ක්‍රීඩාංගණය, කොළඹ
Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.0) සදීශ ජයවර්ධන 23, තෙවිඳු දික්වැල්ල 79, සදිශාන් චමෝද්‍ය 89, සලිඳු පතිරණ 28, සහන් කෝසල 53, ඉසුරු සඳමාල් 19, ශ්‍යාම් සුන්දර් 3/80, ප්‍රවීන් මනීශ 2/100
Panadura SC සහ Nugegoda SWC අතර තරගය මහජන ක්‍රීඩාංගණය, පානදුර.
Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (72.0) කාංචන ද ලිවේරා 40, සවිඳු කාවින්ද 66, කවිඳු වික්‍රමසිංහ 89, රුවිශාන් පෙරේරා 2/57, රාහුල් ගුණසේකර 2/20, මනුජ චන්තුක 2/82
Nugegoda SWC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 60 (16.0) අවිශ්ක පෙරේරා නොදැවී 36
Tamil Union C & AC සහ NCC අතර තරගය P. Sara Oval, කොළඹ.
NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (38.4) ශරිත් සුදීන 44, කුසල් විජේතුංග 19, විහස් තෙව්මික 5/27, තීසාන් විතුසාන් 2/17
Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 233 (36.0) සිනෙත් ජයවර්ධන 105, තරිඳු හර්ෂණ නොදැවී 58, විජයකාන්ත් වියස්කාන්ත් 35, සම්පත් නිශ්ශංක 2/55,
CCC සහ Bloomfield C & AC අතර තරගය යුද හමුදා ක්‍රීඩාංගණය, පනාගොඩ.
Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 89 (29.0) ජයමිණි මුතුකුමාරණ 37, සඳුන් මෙන්ඩිස් 2/22
මෙම තරග අද (16) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.



