
සමගි ජන බලවේගයෙන් ඉවත්ව එක්සත් ජනරජ පෙරමුණ බිහිකළ පාර්ලිමේන්තු මන්ත්රි පාඨලි චම්පික රණවක ද සිය ස්ථාවරය පිළිබඳව කැස්බෑව නගර සභා ශ්රවණාගාරයේ ඊයේ (11 වැනිදා) පස්වරුවේ පැවැති රැස්වීමකදී පැහැදිලි කළේය.
‘‘තව දින කිහිපයක් ඇතුළත අපි තෝරාගත් අපේක්ෂකයා රටේ ඊළඟ ජනාධිපතිවරයා කරවීම වෙනුවෙන් අපේ සහය ලබාදෙනවා. ඒ කවුද කියලා අපි තව දින කිහිපයකින් කියන්නම්. ධම්මික පෙරේරාට වුණෙත් අනෙක් අයට වුණ දෙයමයි. රාජපක්ෂලා පස්සේ ගිහින් පොල්කුඩු ගානට වැටිලා අවසානයේ විසික් වුණා. මහින්ද රාජපක්ෂට අපි ස්තූති වන්ත වෙනවා පොහොට්ටුව බිංදුවට පත්කරන්න නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම පිළිබඳව’’ මන්ත්රිවරයා කීවේය.



