ජනාධිපති අනුර දිසානායකගේ පත් වීමත් සමඟ මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සියළු තනතුරුවල නිලධාරින් මේ වන විට ඉවත් වෙමින් පවතින බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස අද (24) දිනයේ සිය ලිපි ලේඛණ බාර දීමට නියමිතව ඇති බව දැනගන්නට තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සභාපතිවරුන් ද ආණ්ඩුකාරවරුන් බොහෝ දෙනෙකු මේ වන විට ඉවත් වී තිබෙනවා.
කෙසේ වෙතත් නව ජනාධිපතිවරයෙකු පත් වු පසු පෙර සිටි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය ඉවත් වීම සාමාන්‍ය කටයුත්තක්.
නමුත් අප වෙත වාර්තා වන ආකාරයට නව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ කැමැති අයෙකුට තමා සමඟ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමට සුදානම් බවයි.
නමුත් බොහෝ දෙනෙකු පත් වු ජනාධිපතිවරයාට වඩා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධව තිබු අපහැදිලිතාවය හේතුවෙන් ඉවත් විමට සුදානම් වු පිරිස් බවද සිටි බව අප වෙත වාර්තා වනවා.