Local News

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරි දිනවලදීත් සාමකාමීව හැසිරෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරි දිනවලදීත් සාමකාමීව හැසිරෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරි දිනවලදීත් සාමකාමීව හැසිරෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක කියා සිටියේ ජන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව කඩාකප්පල්කාරි සිදුවීම් වාර්තා වුවහොත් අදාල මධ්‍යස්ථානයේ ජන්දය ශුන්‍ය කිරීමට කටයුතු කරන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව සිටියා.

එහිදී ඔහු මැතිවරණ සමයේ ආරක්ෂක කටයුතු පැහැදිලි කරමින් කියා සිටියේ ජංගම මුර සංචාර සඳහා නව අන්තර්ජාල යෙදවුමක්ද භාවිතයට ගන්නා බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරික්ෂකයින් 20 කට අධික පිරිසක් එක්ව සිටිනවා. ඔවුන් මේ වන විටත් සිය නිර්ක්ෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ, මැතිවරණය කොමිසමේ උපදෙස් මතයි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රචාරණ කටයුතු අතරතුර දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර වවුනියාව – පට්ටානිචූර් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ, එහිදී දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බවයි.

Related Articles

Back to top button