ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
එහිදී Marc-Andre Franche ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.
එසේම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහය පල කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියා සිටියා.
කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche කියා සිටියා.