Local News

සිංහබාහු චිත්‍රපටිය යූටියුබ් මුදා හැරූ පුද්ගලයා යළි බන්ධනාගාරයට

සිංහබාහු චිත්‍රපටිය යූටියුබ් මුදා හැරූ පුද්ගලයා යළි බන්ධනාගාරයට

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නිර්මාණයක් වූ සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ ඉසුරු ෂාන් බාලසූරිය නමැත්තා දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළා.

යළිත් අධිකරණයට කැඳවූ ඔහු අද (24) පැවති විභාගයකින් පසුව තව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ලබන අගෝස්තු 07වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිත් මෙම නඩුව විභාග කිරීමට නියමිතයි.

Related Articles

Back to top button