Local News

ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්

ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද සහ හෙට යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ.

එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බවයි.

Related Articles

Back to top button