Haycarb PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Haycarb Philippines Corporation විසින් පිලිපීනයේ activated carbon නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් දියත් කර තිබේ. මේ සඳහා පිලිපීන ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පසුගිය දෙසැම්බර් 09 වන දින හිමි වූ බව Haycarb PLC සඳහන් කරයි.
මෙම කර්මාන්තශාලාවේ පළමු අදියර 2026 ජූනි මාසය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සිදු කිරීමට නියමිත ඇස්තමේන්තුගත ආයෝජනය ඩොලර් මිලියන 8කි. පිලිපීනයේ Cagayan de Oro හි මෙම කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5-6 ක කාලය තුළ තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. ඒ හරහා වැඩවන ගෝලීය ඉල්ලුම සපුරාලමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශක්තිමත් සැපයුම්කරුවක් ලෙස ස්ථාපිත වීම සමාගමේ අරමුණ වී තිබේ.
Haycarb PLC මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන Hayleys PLC හි අනුබද්ධිත සමාගමකි.