ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසනවා.
ඇය මේ බව සදහන් කළේ, මහනුවර පැවැති වැඩසටහනකට එක්වෙමින්.
මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලයේ පිහිටා ඇති අමෙරිකානු තොරතුරු පියස (American Corner) පරිශ්‍රය ආරම්භ වී වසර 20ක් පිරීම නිමිත්තෙන් එම වැඩසටහන පවත්වා තිබුණා.
එසේම දශක දෙකක් පුරා, American Corner විසින් නිදහස් අධ්‍යාපනය, නායකත්ව සංවර්ධනය සහ ප්රජාතන්ත්රවාදය සහ ඇතුළු වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සවිබල ගන්වා තිබෙන බව තානාපතිවරිය පවසනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ මෙම ගමන දිගටම යාමට බලාපොරොත්තුවන බවයි ඇය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.
මෙම තොරතුරු පියස අමෙරිකාව පිළිබඳ තොරතුරු, සංස්කෘතික ක්‍රියාකාරකම්, අධ්‍යාපනික උපදේශන, ඉංග්‍රීසි භාෂා ඉගෙනීම, ආදි සිසුන් සම්බන්ධ කර ගැනීම සහ කුසලතා ගොඩනැගීම යන මූලික ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නොමිලේ වැඩසටහන් ඉදිරිපත් කරනවා.
පසුගිය දශක දෙක තුළ ආසන්න වශයෙන් වැඩසටහන් 4,000ක් පවත්වා, සිසුන් 7,000කට වැඩි පිරිසකට දැනුම ලබා දී තිබෙනවා.