Local News

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සියලුම විෂයයන් ජනවාරි 27 වැනිදා සිට නැවත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

ප්‍රශ්න පත්‍ර පිටවීමක් මුල්කරගෙන පසුගිය දිනෙක එම විභාගය තාවකාලිකව නතර කරනු ලැබුවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන පවසා සිටියේ විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටව ඇති බවයි.

මේ අතර උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාග ප්‍රශ්න සමාජ මාධ්‍ය හරහා මුදා හළ ගුරුවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ හයවන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවටයි එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ

Related Articles

Back to top button