
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට වග උත්තරකාර පාර්ශවය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවය.
මෙම සිද්ධිය වූ වකවානුවේ පෙත්සම්කාර වෛද්‍යවරයා විදේශගතව සිටි බව පෙන්වා දුන් විනිසුරුවරයා පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොතිබූ බවත් කියා සිටියේය.
ඒ අනුව පෙත්සම්කරු සුදුසු කොන්දේසී මත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.
කෙසේ වෙතත් මෙම නියෝගය පෙත්සම්කරුට එරෙහිව වැඩිදුර සාක්ෂි ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බවත් තීන්දුවේ සඳහන් වුණි.
ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.



