Local News

ඇමති විජිත අද ජිනීවා සැසිවාරය අමතයි

ඇමති විජිත අද ජිනීවා සැසිවාරය අමතයි

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබේ.

අමාත්‍යවරයා ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට කවුන්සලය ඇමතීමට නියමිතය.

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පසුගිය ඉරිදා (23) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය අතරතුර, ඇමැතිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, හයිබරි හි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා ඇත.

ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වර්සන් අගබෙකියන් සහ තවත් නායකයන් ද හමුවී සාකච්ජා කර තිබේ.

එමෙන්ම ස්ව්ට්සර්ලන්ත සහ පාකිස්තාන නියෝජිතයින් මුණ ගැසී සාකච්ජා කර ඇති බව සඳහන්ය.

Related Articles

Back to top button