Local News

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ භාරයේ සිටි මෙම සැකකරුවන් අද (24)අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් තුන්දෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

Related Articles

Back to top button