Local News

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තලාතුඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

තලාතුඔය, උඩුදෙණිය ප්‍රදේශයේ නිවසක් බිඳ අවුරුදු 70ක කාන්තාවගේ හුස්ම හිරකර ඝාතනය කර එම නිවසේ තිබූ දේපොළ හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව  පොලීසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 34, 36 හා 41 යන වයස් වල පසුවන මඩවල, අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී හෙළවී ඇත.

සැකකරුවන්ගේ සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොල්ලකන රන් භාණ්ඩවලින් කොටසක් උකුවෙල රන් භාණ්ඩ මිළදී ගන්නා ස්ථානයකට අලෙවි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Back to top button