Local News

SSP සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා යළි රිමාන්ඩ්

SSP සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා යළි රිමාන්ඩ්

අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ සමයේ, වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ද, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් ද අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Related Articles

Back to top button