Local News

අනුරාධපුර කාමාතුරයාගේ නිවසේ ජීව අත්බෝම්බයක්

අනුරාධපුර කාමාතුරයාගේ නිවසේ ජීව අත්බෝම්බයක්

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව අද (14) පෙරවරුවේ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේ දී මෙය හමුව තිබේ.

අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා සිදුකළ වැටලීමේදී මෙම ජීව අත්බෝම්බය හමුව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

Related Articles

Back to top button